Our Vision
To be the premier service provider of the commercial capital of Sri LankaOur Mission
Fulfill the needs of the people of Karuwalagaswewa to their satisfaction in an efficient and productive manner, conforming with the policies of the government and principles of Good Governanceඓතිහාසික තොරතුරු ( History of Karuwalagaswewa Divisional Secretariat )
ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සමාජ,ආර්ථික,දේශපාලනික හා සංස්කෘතික දායාදයන්ට නෑකම් දක්වන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුරාධපුර යුගයෙන් ඔබ්බටත් ගිය ඉතිහාසයක් පවතී. ඒ බව පහත ඓතිහාසික දායාදයන්ට නව පනගන්වමින් වර්ථමානයේ දැක ගත හැකි ඉදිකිරීම් හා දැනටත් ශේෂව හා නටබුන්ව පවතින ප්‍රජා ජන සංස්කෘතික අංග හා පුරා විද්‍යා නටබුන් ස්ථාන දෙස බැලීමේ දී පෙනී යයි.
- මෙරට ප්‍රථම ජනාවාස පිළිබඳ තොරතුරු හා ආසන්නව එන කුවේනියගේ ජනාවාසය , මෙම කොට්ඨාසයේ තබ්බෝව පහළ පුලියන්කුලම ප්‍රදේශ යාව පිහිටීම.රණවරා වැව ඉදිකිරීමේ දී මතු වූ පුරා විද්‍යාත්මක සාධක හා දැනට තබ්බෝව අභයභූමි රක්ෂිතයේ පවතින එකිනෙකට යාව හා සම්බන්දව පිහිටි වැව් ආශ්‍රයෙන් එය පැහැදිලි වේ. එනම් මෙම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා සාරවත් පසක් හා ජල සම්පාදන ක්‍රමයක් පැවති බවත් , ඒ යටතේ ඉහත ජනාවාස පවතින්නට ඇතැයි යන ප්‍රදේශයේ බහුතර ජනයා අතර පවතින මතය තහවුරු කරන සාධක ලෙස ඒවා පවතී.
- 11වන අග්බෝ රජු කරවන ලඳ තබ්බෝව වැව මුල් කර තබ්බෝව ව්‍යාපාරය නමින් ගොවි ජනපදය ආරම්භ කිරීම.
- දුටු ගැමුණු රජුගේ දස මහා යෝධයන් අතර සිටි නීල මහා යෝධයා කලා ඔය අසල බදින ලද අමුණ සංවර්ධනය කර නීලබැම්ම ව්‍යාපාරය නමින් ගොවි ජනපදයක් ආරම්භ කිරීම.
- සාලිය කුමරා වාසය කරන ලද ප්‍රදේශයක් ලෙස නටබුන්ව පවතින විලඳගොඩ පුරා විද්‍යා ස්ථානය පහළ පුලියන්කුළම පිහිටා තිබීම.
- පුරාණ විහාරස්ථාන රැසක් මෙම කොට්ඨාසයේ පිහිටා තිබීම.
- තබ්බෝව අයියනායක දේවාලය අතුළු ප්‍රජාව පූජා උත්සවය තබන දේවස්ථාන පිහිටීම.
- වැව් ආශ්‍රිතව අලුත් සහල් මංගල්‍යන් වාර්ෂිකව පැවැත්වීම.
Role performed at DS
Name | From | To |
එන්.බී.විජිත ශ්‍රි පියතිලක | 1991 | 1992 |
එස්.ආර්. ලෝරන්ස් | 1992 | 1993 |
එච්.පී.එස්. හියරාපිටිය | 1994 | 1995 |
ඩබ්.ජේ. විමලසේන | 1996 | 1996 |
ඩී.එම්. සෝමතිලක | 1997 | 1999 |
එච්.එම්. සෝමතිලක | 2000 | 2001 |
එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර (වැ.බ) | 2002 | 2002 |
ආර්.අයි.බී.ආර්.බී. රත්නමලල | 2002 | 2005 |
එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර | 2005 | 2008 |
එච්.එස්.එස්. ලූසේනා | 2008 | 2009 |
ඒ.එම්.සී.එම්. ප්‍රේමසූරිය | 2009 | 2014 |
රවින්ද්‍ර වික්‍රමසිංහ (වැ.බ) | 2014 | 2014 |
ජනක තුෂාර බාලසූරිය | 2014 | මේ දක්වා |